
Our Constitution
නව ව්‍යවස්ථා ව්‍යවස්ථා මාලාව (25 /02/ 2023)
2023 පෙබරවාරි මස 25 වෙනිදා පෙරවරු 9.30 ට අනුරාධපුර යොවුන් නිකේතනයේදී අභිනව නිවහල් පෙරමුණ පක්ෂ මහසභා වාරයේදී ඒකච්ඡ්න්දයෙන් පිළිගන්නා ලදී.
අභිනව නිවහල් පෙරමුණ
Our Constitution
පූර්විකාව
මානව වර්ගයා රැහින් රැහැට ලෙයින් ලෙයට යම්කිසි ගුණ සමුදායක් උරුමකරගෙන පැවත එති. කලින් කලට කෙනින් කෙනා තූළ ඇතිවන බල තන්හාවේ අඩුවැඩි කමේ අනුපාතය අනුව මෙම ගුණ සමුදායේ ගුණාත්මක බවද ධන ඍණ වෙමින් පැවත එයි. නූතන සමය එහි දැඩි ඍණාත්මක යුගයක් බව බැලු බැල්මට පෙනී යයි. ඇස් පනාපිට සත්‍ය, යුක්තිය, සාධාරණය කණපිට පෙරළමින් ඇත්ත නැත්ත කිරීමට දිව රෑ වෙහෙසෙමින් මිනිසුන් කටයුතු කරමින් සිටිති.
මේ පිළිබඳව කම්පාවීමේ අවශ්‍යතාවයන් නැත. "අටලෝ දහම රිය සක ලෙස පෙරලේ" යන මනුස්ස කියමන ආදර්ශයට ගෙන කළ යුතුව ඇත්තේ මෙයට පිළියමක් සෙවීමය. අපමණ සනාථන දහම් ලෝකයේ තිබුනද එහි ඇති සත්‍ය පවා කුළු ගැන්වීමට දගලන සමාජයකට යොමුවිය යුතුව මුළු මහත් මානව වර්ගයම වැළඳගන්නා සමානාත්මක, ධනාත්මක, ප්‍රායෝහික ක්‍රියා පිළිවෙතක් බව පැහැදිලිය.
අභිනව නිවහල් පෙරමුණ පක්ෂය හරහා ජනතාව වෙත නිහතමානීව ඉදිරිපත් කිරීමට උත්සුක වන්නේ මෙම අවශ්‍යතාවය සපුරාලිය හැකි ක්‍රියාදාමයකි.
1992 වර්ෂයේ සිටම "ගුඩ් හාර්ට්ස්" නැමැති පදනමක් මෝදු කරගෙන අංක CP/SS/K/Gr 144/92 යටතේ ලියාපදිංචි කර දිස්ත්‍රික් 18 ක ඇතැම් සිංහල, ද්‍රවිඩ, මුස්ලිම් ගම්මාන වල මෙන්ම විදුහල්වල වැඩිහිටි හා ශිෂ්‍ය කණ්ඩායම් අතර ශික්ෂණ කමිටු පිහිටුවා සත්පුරුෂ සමාජයක් බිහිකිරීමට සුළු වශයෙන් හෝ උත්සාහයක් දරන ලද්දේ ඉහත සඳහන් අරමුණු සමාජ සේවයක් ඔස්සේ සාක්ෂාත් කර ගැනීමටය. එහෙත් කෙනෙකු ශික්ෂණය කර පවතින සමාජයට මුදාහැරීම රෙද්දක් සුදෝ සුදට සෝදා කසල ගොඩක වැනුවා වැන්නක් බව දක්නට ලැබින. එනිසා මෙවැනි දේශපාලන වැඩ පිළිවෙලක අවශ්‍යතාවය පෙනී යන ලදී. මෙම පක්ෂය බිහිවීම එම අකලංක නිර්ව්‍යාජී පියවරේ ප්‍රතිඵලයකි.
පක්ෂයේ නාමය
අඬහැර ගොවි හවුල, සත්පවුර, විශ්ව ධර්ම යන නම්වලින් මීට පෙර "ගුඩ් හර්ට්ස්" පදනම ඔස්සේ පෙරට ආ අභිනව නිවහල් පෙරමුන යන නාමයෙන් වෙනම පක්ෂයක් විය යුතු බවට තීරණය විය. එසේ නම් වන ලද්දේ පුද්ගලයා, නිවස, අසල්වැසියා, ගම, පෙදෙස, දිස්ත්‍රික්කය හෙවත් දිසාව, රට යන සත්පවුරම වෙන වෙනම වැළඳගෙන එකට යා කෙරෙන සංස්කරණයමය වැඩපිළිවෙලක් මෙම පක්ෂයෙන් ක්‍රියාත්මක වන නිසාය. ස්වතන්ත්‍රවාදී යන වචනය වෙනුවෙන් ස්වාධිපති යන චරිතය දෙවනුව ආදේශ විය.ලාංඡනයදේශපාලන පක්ෂයක් වසශයෙන් ඉල්ලුම්කර ලබාගත් මුදල් කැටය පක්ෂයේ ලාංඡනයයි.ආදර්ශ පාඨයකරන හැම කටයුතු - කෙසේ හෝ නොව කළයුතු දේ දැහැමින්ම ඉටුවිය යුතු බව සිත්හි තබා ගත යුතුය.
< >ධජයබහු වර්ණ පසුබිමක පක්ෂයේ නම හා ලාංඡනය සහිත ධජයකාර්යයාලය පක්ෂයේ කාර්යයාලය 3/1, සංඝමිත්තා මාවත, මහනුවර යන ස්ථානයේ දැනට පවත්වාගෙන යා යුතුය.පරමාර්ථ විග්‍රහය මිනිස්කම පිරිහීමට තුඩුදෙන බලකාමය තුරන් කිරීම් වස් මහජන නියෝජිතයින් තෝරාගැනීමේ නව ක්‍රමයක් රටට හදුන්වාදීම හා ක්‍රියාත්මක කිරීම. < >මහජන නියෝජිතයින් ගේ නිල සේවා කාලය සීමා කිරීමෙන් සෑම පුරවැසියෙකුටම පාලනයට සහභගීවීමට හැකි මාර්ගය හදුන්වාදීම හා ක්‍රියාත්මක කිරීම. < >අභිනව නිවහල් පෙරමුණ නැමැති ව්‍යවස්ථා යෝජනාවලිය රටට හදුන්වාදීම හා ක්‍රියාත්මක කිරීම. සේවා අර්ථ ක්‍රමයට ඇති සීග්‍ර නැඹqරුව සීමාකර අවශ්‍ය පමණට පමණක් එය පවත්වාගෙන කෘෂිකාර්මික හා කාර්මික අර්ථ ක්‍රමයක් රටට හඳුන්වාදී ක්‍රියාත්මක කිරීම. < >යෝජිත නව ආන්ඩු ක්‍රමයට අනුකූලවන සහ ආනුසංගික වන අධ්‍යාපන ක්‍රමය, රැකියා නියුක්තිය, සෞඛ්‍ය සේවය, වැඩිහිටි පෝෂණය ආදී ජනතා අවශ්‍යතා හැමවිටම හැමගේම වන ලෙස සංස්කරණය කිරීම. < >කෘෂිකර්මාන්තය හා කෘෂි අලෙවිය ප්‍රමුඛ කොට ගෙන රටේ ආර්ථිකය හා අධ්‍යාත්මය, සදාචාරය සුරකින ජාතික සැලසුම් හඳුන්වාදීම හා ක්‍රියාත්මක කිරීම. සාමාජිකත්වයපක්ෂයේ දර්ශන පිළිගන්නා අයට කැමති මුදලක් ගෙවා ඉල්ලුම්පතක් පිරවීමෙන් හෝ සාමාජික ලේඛණය අත්සන් කිරීමෙන් පමණක් සාමාජිකත්වය ලබාගැනීමට හැකිවිය යුතුය. < >එසේ ඇතුලත්වන අයගෙන් පක්ෂයේ පැවැත්මට දායකත්වයක් ලබාදිය හැකි අයෙකුට රිසිට්පතක් ලබාගෙන තමන්ට පහසුවෙන් දැරිය හැකි මුදලක් තෙමසකට වරක් හෝ අර්ධ වාර්ෂිකව හෝ වාර්ෂීකව දායක කළ හැකිය. ඒ ආකාරයටම අනුග්‍රාහක මුදලක් ගෙවා අනුග්‍රාහකයෙකු විය හැකිය. එම අය ක්‍රියාකාරී සාමාජිකයන් හා ක්‍රියාකාරී අනුග්‍රාහකයන් වශයෙන් හදුන්වනු ඇත. යමෙකු අවස්ථාවෝචිත විශේෂ මුදලක් හෝ සාමන්‍ය අනුග්‍රාහක මුදලක් ලබා දේනම් ක්‍රියාකාරී අනුග්‍රාහකයෙකු හෝ සාමන්‍ය අනුග්‍රාහකයෙකු ලෙස හඳුන්වනු ඇත. ලේඛණය අත්සන් කිරීමෙන් පමණක් සාමාජිකත්වය ලබන අය සාමන්‍ය සාමාජිකත්වය ලබති. < >සාමාජික ලැයිස්තුවක් පවත්වාගෙන යා යුතුය. < >ග්‍රාමීය මට්ටමින් සාමාජිකත්වයට ඇතුල්වීමෙන් ප්‍රාථමික ශාඛාවක්ද, ප්‍රාදේශීය නියෝජිතයන්ගෙන් සැදුම්ලත් දිස්ත්‍රික් ශාඛාවද, දිස්ත්‍රික් සාමාජිකයින්ගෙන් සැදුම්ලත් ජාතික මණ්ඩලයක්ද ගොඩනැගිය හැකිය. මෙහි සඳහන් වන ජාතික මණ්ඩලය මධ්‍යම කාරක සභාවද කෘත්‍යාධිකාරි මණ්ඩලයද වන්නේය.
නිලධාරි මණ්ඩලය
පක්ෂයේ නිලධාරි මණ්ඩලයට පහත සඳහන් අය ඇතුලත් විය යුතුය.
විධායක මණ්ඩලය
පක්ෂයේ නායක නියෝජ්‍ය නායක සභාපතිනියෝජ්‍ය සභාපති දෙදෙනෙක්ප්‍රධාන ලේකම්සම ලේකම් ජාතික සංවිධායක නියෝජ්‍ය ලේකම්නියෝජ්‍ය ජාතික සංවිධායකභාණ්ඩාගාරිකනියෝජ්‍ය භාණ්ඩාගාරිකමාධය ලේකම්කාරක සභිකයන් 5 දෙනෙක්අනුශාසකවරු 5 දෙනෙක්
පක්ෂයේ ආරම්භක රැස්වීමේදී පළමුවරට ඉහත සඳහන් නිලධාරි මඩුල්ල පත්කරගත හැකිය. විධායක මණ්ඩලයේ නිල කාලය වසරකි. පළමු වසර ඉකුත්වීමෙන් අනතුරුව හෝ යම් හෙයකින් එයට පෙරාතුව සිදු කෙරෙන විධායක මණ්ඩල තේරීමකදී එම තේරීම ව්‍යවස්ථාවේ සඳහන් 14 වන රීතිය අනුව සිදුකල යුතුය. පක්ෂ නායක හා ප්‍රධාන ලේකම් ජීවත්ව නැති විටකදී ඔහු වෙනුවට පක්ෂ නායක තෝරා ගැනීමකදී 14 වන රීතිය අනුව සිදුකල යුතුය.
විධායක මණ්ඩල රැස්වීම්පක්ෂයේ විධායක මණ්ඩලය අඩුම වශයෙන් තුන් මාසයකට වරක් හෝ රැස්විය යුතුය. < >විධායක මණ්ඩලයේ යම් රැස්වීමක් සඳහා ගණපූර්ණය සාමාජිකයන්ගෙන් 1/3 කි. පක්ෂයේ සාමාන්‍ය පරිපාලන කටයුතු පිළිබඳ සියළුම තීරණ ගැනීමේ බලය පක්ෂයේ නායක, සභාපති ලේකම්, සම ලේකම් හා භාණ්ඩාගාරික සතුය. අර්බුද අවස්ථාවකදී පක්ෂ නායකගේ තීරණය අවසාන තීරණය වන්නේය. < >විධායක මණ්ඩලය විසින් එකී මාසික රැස්වීම සඳහා සුදුසු දිනයක් නියම කරගත යුතුය. < >පූර්ණ දිනතුනකට කලින් හෝ ලිඛිත දැනුම් දීමකින් පසු හෝ විධායක මණ්ඩලයේ හදිසි රැස්වීමක් පවත්වනු ලැබිය හැකිය. අවස්ථාවෝචිත පරිදි එය එක් දිනක් හෝ විය හැකිය. < >සෑම විධායක මණ්ඩල රැස්වීමකදීම පක්ෂ නායක හෝ සභාපති හෝ ඔහු නොමැති විටක විධායක මණ්ඩලය විසින් තෝරාගනු ලබන සාමාජිකයෙකු හෝ රැස්වීමේ මුලසුන දැරිය යුතුය. විධායක මණ්ඩලයේ බලතල හා කාර්යය කටයුතුපක්ෂයට සාමාජිකයන් ඇතුලත් කර ගැනීම ඔවුන්ගේ සාමාජිකත්වය අත්හිටුවීම සහ අස් කිරීම < >සේවකයන් බඳවාගැනීම හා සේවක කාර්යයන් වෙන්කරදීම සහ ඔවුන්ගේ විනය පාලනය සහ සේවයෙන් ඉවත් කිරීම ආදී බලතල ක්‍රියාත්මක කිරීම < >විධායක මණ්ඩලයේ ධූරවල ඇතිවන පුරප්පාඩු පිරවීම. < >උප කමිටු පිහිටුවා ඒවාට කාර්ය නියම කිරීම හා ඒවා විසුරුවා හැරීම
ප්‍රධාන ලේකම් මගින් සමිතියේ සියලුම ලිපි ලේඛනාදිය පවත්වාගෙන යාම සහ ඒවා සුරක්ෂිතව තැන්පත් කොට තැබීම < >භාණ්ඩාගාරික මඟින් පක්ෂයේ ගිණුම් ආදායම් හා වැය පිළිබඳ ලේඛණ පවත්වාගෙන යාම සහ ඒවා සුරක්ෂිතව තැන්පත් කොට තැබීම. පක්ෂයේ සියලුම ගිණුම් පරීක්ෂා කිරීම සඳහා සමිති ආඥාපනත යටතේ අනුමත කරන ලද විගණනකරුවන් පත් කිරීම. < >එකී විගණනකරුවන් විසින් පරීක්ෂා කොට සහතික කරන ලද වාර්ෂික ගිණුම් වාර්තාව මහ සභා රැස්වීමට ඉදිරිපත් කිරීම.පක්ෂයේ ප්‍රයෝජනය සඳහා ඉඩම්, ගොඩනැගිලි, උපකරණ හෝ මුදල් පරිත්‍යාග වශයෙන් හෝ බැංකු ණය ආදී වෙනත් සුදුසු ක්‍රම මගින් අත්කර ගැනීම සහ පක්ෂයේ පරමාර්ථ උදෙසා ඒවා උපයෝගී කර ගැනීම සහ ආයෝජනය කිරීම
< >පක්ෂයේ නායක විසින්පක්ෂයේ සියළු කටයුතු පරීක්ෂා කිරීම හා මෙහෙයවීමද කළ යුතුය. < >මැතිවරණ ආඥාපනත හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව පැවරෙන බලතල ක්‍රියාත්මක කිරීමපක්ෂයේ වාර්ෂික මහ සභා රැස්වීම සහ විශේෂ සහ සාමාන්‍ය මහ සභා රැස්වීම කැඳවීමට ප්‍රධාන ලේකම්ට නියෝග කිරීම < >මැතිවරණ තරඟ කිරීම සඳහා සුදුස්සන් තෝරාගැනීම < >පක්ෂයේ විධායක සභා රැස්වීම් මහසභා රැස්වීම් වාර්ෂික මහ සභා රැස්වීම් වල අවස්ථාචෝදිත පරිදි මුලසුන දැරීමඅ). පක්ෂයේ සභාපති විසින්විධායක රැස්වීම් හා මහසභා රැස්වීම්වල මුලසුන දැරීම විධායක මණ්ඩල තීරණ මහ සභා රැස්වීම් වලට ඉදිරිපත් කිරීම පක්ෂයේ සාමාන්‍ය කටයුතු නායකතුමාගේ උපදෙස් සහිතව පරිපාලනය කිරීම.
< >ප්‍රධාන ලේකම් විසින්වාර්ෂික හා අනිකුත් මහ සභා රැස්චීම් සහ විධායක මණ්ඩලයේ රැස්වීම් කැඳවීම පදනමේ සහ විධායක මණ්ඩලයේ වාර්තා පවත්වාගෙන යෑම. < >සංවිධානයේ මුද්‍රාව ඔප්පු තිරප්පු සහ වෙනත් සියළුම වැදගත් ලිපි ලේඛණ තම ආරක්ෂාව භාරයේ තබා ගැනීම සහ දේශපාලන සංවිධානයක් වශයෙන් සංවිධානය පිළිගැනීමත් සමඟ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හා මැතිවරණ ආඥාපනත අනුව පැවරෙන බලතල නායකතුමාගේ උපදෙස් පරිදි ක්‍රියාත්මක කිරීම. < >භාණ්ඩාගාරික විසින්පක්ෂයට අයත් සියළුම මුදල්වල ආරක්ෂාව සහ ඒ මුදල් විධායක මණ්ඩලයේ විධාන පරිදි විය පැහැදැම් කිරීම < >ලැබීම් හා ගෙවීම් පිළිබඳ නිසි පොත් පත් ක්‍රමවත්ව පවත්වාගෙන යෑම < >පක්ෂයට අයත් සියළු උපකරණ හා දේපල සම්බන්ධයෙන් අවශ්‍ය බඩු වට්ටෝරු හා ලේඛණ තබාගැනීම < >පක්ෂයට අයත් සියළු මුදල් විධායක මණ්ඩලය පිළිගත් බැංකුවක අනිවාර්යෙන්ම තැන්පත් කිරීම සහ ඒ මුදල් අවශ්‍ය පරිදි පක්ෂයේ කටයුතු සඳහා විධායක මණ්ඩලයේ උපදෙස් පරිදි පරිහරණය කිරීම < >පක්ෂයේ ගිණුම් පිළිගත් විගණකවරයෙකු ලවා පරීක්ෂා කරවා ඔහු විසින් සහතික කරන ලද වාර්ෂික ගිණුම් වාර්තාව විධායක මණ්ඩලයට සහ මහා සභාවට ඉදිරිපත් කිරීම. < >ඒ වාර්ෂික ගිණුම් වර්තාව සෑම වර්ෂයකදීම අදාල දිනයට පෙර නිසි බලධාරියාට ඉදිරිපත් කිරීම. පක්ෂයේ මහා සභා රැස්වීම්වාර්ෂික මහා සභා රැස්වීම විධායක මණ්ඩලයේ අනුමැතිය හා තීරණය පරිදි හෝ පක්ෂ නායක විසින් හෝ සභාපති විසින් හෝ කැඳවනු ලබන විශේෂ මහා සභා රැස්වීම් හා සාමාන්‍ය මහා සභා රැස්වීම් යනුවෙනි.වාර්ෂික මහා සභා රැස්වීමේ වැඩ සටහන ප්‍රධාන ලේකම්ගේ හා භාණ්ඩාගාරිකගේ වාර්ෂික වාර්තාව කියවා අනුමත කිරීම. විධායක මණ්ඩලයේ කාලය ඉකුත්වූ විට විධායක මණ්ඩලයක් තෝරාගැනීම ඇතුලත්වේපක්ෂයේ විධායක මණ්ඩලයේ අනුමැතිය හා තීරණය පරිදි පවත්වනු ලබන විශේෂ මහා සභා රැස්වීම් වැඩ සටහනට රීති සංශෝධනය කිරීම, ප්‍රතිශෝධනය කිරීම හා රීති මාලාවට අළුතෙන් රීති එකතු කිරිම යන මේවා පමණක් ඇතුලත්වේ. සාමාජිකයන් 100 දෙනෙකුට නොඅඩු සංඛාවක් විසින් පක්ෂ නායක වෙත ලිඛිතව ඉදිරිපත් කෙරෙන ඉල්ලීමක් මඟින් ඉදිරිපත් කරනු ලබන විශේෂ කාරණයක් පිළිබඳ තීරණයක් ගැනීම පිණිස පක්ෂයේ නායක විසින් කැඳවනු ලබන විශේෂ මහා සභා රැස්වීමේ වැඩ සටහනට එසේ ඉදිරිපත් කෙරෙන කාරණය පමණක් ඇතුළත්වේ. පක්ෂයේ නායක විසින් හෝ සභාපති විසින් හෝ පක්ෂයේ විධායක මණ්ඩලය විසින් හෝ අවශ්‍යයයි අදහස් කරනු ලබන පරිදි පවත්වනු ලබන සාමාන්‍ය මහා සභා රැස්වීම් වල වැඩ සටහනට, සාකච්ඡාවට භාජනය කළ යුතු වැදගත් කරුණු ඇතුලත්වේ. සියළුම මහ සභා රැස්වීම් වල මූලාසනය පක්ෂයේ නායක හෝ සභාපති විසින් දැරිය යුතුය. කවර හෝ හේතුවක් නිසා ඔවුන් පැමිණ නොමැති නම් සභාව විසින් තෝරාගනු ලබන සාමාජිකයෙකු මූලාසනය දැරිය යුතුය. සියළුම මහා සභා රැස්වීම් සඳහා ගණ පූර්ණයට සාමාජිකයන් 25 දෙනෙකු නැතහොත් එවකට දිවයින තුල සිටින සාමාජික පිරිසෙන් 1/8 වන සාමාජික සංඛ්‍යාවක් සිටිය යුතුය. මහ සභා රැස්වීම් සඳහා යටත් පිරිසෙයින් දින දාහතරකට පෙර දැනුම් දීමක් සාමාජිකයින් වෙත කළ යුතුය. හදිසි මහ සභා රැස්වීම් සඳහා අවම වශයෙන් දින 07 කට පෙර දැනුම්දීමක් කළ යුතුය.පක්ෂයේ අරමුදලපක්ෂයේ සතු අරමුදලක් තිබිය යුතුය. < >මෙම අරමුදලට සාමාජික මුදල් පරිත්‍යාග වශයෙන් ලැබෙන මුදල් ආධාර මුදල් රජය මඟින් හෝ ප්‍රාදේශීය ආයතන මගින් හෝ රජයේ නොවන වෙනත් දේශීය හා ප්‍රාදේශීය ආයතන වලින් දෙනු ලබන ආධාර, පක්ෂයට අයත් නිශ්චල හා චංචල දේපල වලින් ලැබෙන ආදායම අයත්වේ. < >වෙනත් දේශීය හෝ විදේශීය මාර්ග වලින් ලැබෙන ආදායම් හර කරනු ලැබිය යුතුය. < >පක්ෂයේ විධායක මණ්ඩලය විසින් ස්වකීය කටයුතු කිරීම සහ සේවා ඉටු කිරීමෙහිලා යම් වැය ශීර්ෂයක් යටතේ වියදම් කළ යුතුය. මුදල් පක්ෂයේ සේවක පිරිස් සඳහා අවශ්‍ය දීමනා නිලධාරීන් සහ අනෙකුත් ස්වෙච්ඡා සේවකයින් විසින් සමිතියේ යම් යම් කටයුතු සඳහා කෙරෙන වියදම්. < >විධායක මණ්ඩලය මඟින් වෙන්කොට ඇති මුදලකින් පුණ්‍යාධාර සඳහා කෙරෙන ගෙවීම්. විගණන සඳහා වූ ගාස්තු < >කාර්යාලීය සහ අනෙකුත් බඩු බාහිරාදිය මිළට ගැනීම සඳහා අවශ්‍ය මුදල් ගනු ලැබිය යුතුය. < >පක්ෂයට ලැබෙන සියළුම මුදල් පක්ෂයේ විධායක මණ්ඩලය පිළිගත් බැංකුවක තැන්පත් කළයුතු අතර චෙක්පත් පක්ෂයේ නිලධාරීන් දෙදෙනෙකු විසින් අත්සන් කළ යුතුය. < >බැංකුවේ ඇති මුදල් ලබා ගැනීමැදී හා චෙක්පත් අත්සන් කිරීමේදී අනිවාර්යයෙන්ම භාන්ඩාගාරික සමඟ සභාපති , ලේකම් හෝ සම ලේකම් යන අයගෙන් එක් අයෙකු අත්සන් කල යුතුය. < >හදිසි වියදම් වශයෙන් භාණ්ඩාගාරික විසින් රු. 5000/- ට නොවැඩි මුදලක් තම භාරයේ තබාගත හැකිය.
< >ලිපි ලේඛන පරීක්ෂා කිරීමපක්ෂයේ පොත්පත් ලිපි ලේඛණ ආදිය පරීෂා කිරීමට ඇති බලය පක්ෂයේ ප්‍රධාන ලේකම් වෙත දින හතකට කලින් කරනු ලබන ලිඛිත දැනුම් දීමකින් පසුව පක්ෂයේ ඕනෑම සාමාජිකයෙකුට පක්ෂයේ පොත් පත් ලේඛණ ආදිය පරීක්ෂා කිරීමට බලය ඇත්තේය. විගණනයවාර්ෂික ගිණුම් පරීක්ෂණය සඳහා අනුමත විගණකවරුන් පක්ෂයේ විධායක මණ්ඩලය විසින් පත්කරනු ලැබිය යුතුය. නඩු පැවරීම හා නඩු පැවරීමට ඇති බලයපක්ෂයට නඩු පැවරීමට බලය ඇති අතර නඩු පවරනු ලැබිමටද යටත්වන්නේය. එවැනි අවස්ථාවක් උද්ගතවුවහොත් සභාපති හා ප්‍රධාන ලේකම්ට හෝ බලයලත් නියෝජිතයෙකුට පක්ෂය වෙනුවෙන් ඉදිරිපත් වීමට බලය තිබේ. එසේම විධායක මණ්ඩලයේ තීරණ පරිදි ඒ කාර්යය සඳහා විධායක මණ්ඩලයේ වෙනත් සභිකයෙකු ඉදිරිපත් කිරීමටද විධායක මණ්ඩලයට බලය ඇත්තේය. පක්ෂයේ මුදල් වර්ෂයපක්ෂයේ මුදල් වර්ෂය අප්‍රේල් මස පළමුවන දිනයෙන් ආරම්භ වන දොළොස් මාසයේ කාල පරිච්ඡේදය විය යුතුය. < >පක්ෂයේ දේපළයම් මිළයට ගැනීමක්, ප්‍රදානයක් ත්‍යාගයක් හෝ යථායෝග්‍ය ආධාරයක් තෙස්තමේන්තුවකින් දේපල බැහැර කිරීමක් ප්‍රකාර හෝ අන්‍යාකාරයකින් පක්ෂයේ සතුවන්නවු චංචල හා නිශ්චල කවර දේපලක් වුවද භාරගැනීමටත් දැරීමටත් ඒවා පරමාර්ථ ඉෂ්ඨ කර ගැනීම සඳහා ප්‍රයෝජනයට ගැනීමටත් පක්ෂයට බලය තිබිය යුතු අතර පක්ෂය තත් කාලයේ බලපවත්නා රීතිවලට යටත්ව ඒ දේපළ විකිණීමේ, උකස් කිරීමේ, බද්දට දීමේ, හුවමාරු කිරීමේ හෝ අන්‍යාකාරයකින් බැහැර කිරීමේ බලයද පක්ෂයට තිබිය යුතුය.පක්ෂයේ මුද්‍රාවවිධායක මණ්ඩලය මගින් තීරනය කරනු ලබන මුද්‍රාව පක්ෂයට තිබිය යුතුය. මුද්‍රාව පක්ෂයේ ප්‍රධාන ලේකම් භාරයේ තිබිය යුතුය. පක්ෂයේ සභාපති, ප්‍රධාන ලේකම්, භාණ්ඩාගාරික තිදෙනාගෙන් දෙදෙනෙකු ඉදිරිපිටදී මිස මුද්‍රාව කිසිම සාධන පත්‍රයක තබනු නොලැබිය යුතු අතර ඒ නිලධාරී දෙදෙනා තමන් පැමිණි බව සාක්ෂියක් වශයෙන් ඒ සාධන පත්‍රයට ස්වකීය අත්සන් තැබිය යුතුය.රීති සංශෝධනය කිරීමපක්ෂයේ රීති සංශෝධනය කිරීම පරිච්ඡින්ත කිරීම හෝ සංශෝධනය කිරීම ඒ කාර්යය සඳහා කැඳවනු ලබන විශේෂ මහා සභා රැස්වීමකදී ඒ යෝජිත සංශෝධන වලට පක්ෂව ඡන්දය දෙන පැමිණ සිටින සාමාජිකයන්ගෙන් තුනෙන් දෙකකට නොඅඩු ඡන්දයෙන් හැර කරනු නොලැබිය යුතුය. < >ඒ ප්‍රතිශෝධන පරිච්ඡන්ත කිරීම් හෝ සංශෝධන පක්ෂයේ ලේකම් විසින් හෝ ඔහු පැමිණ නොමැති විටක ඒ රැස්වීමේ මූලාසනය දරණ තැනැත්තා විසින් හෝ ඒ විශේෂ මහ සභා රැස්වීමේදී යෝජනා කරනු ලැබිය යුතුය.රීති අර්ථ නිරූපණය මේ රීති මාලාවේ යම් රීතියක් අර්ථ නිරූපණය කිරීම සම්බන්ධයෙන් යම් මතභේදයක් පැන නැගුනහොත් පක්ෂයේ ලේකම් මඟින් විධයක මණ්ඩලය විසින් දෙනු ලබන අර්ථ නිරූපනය අවසානාත්මක වන්නේය. ඒ අර්ථ නිරූපණ පිළිගෙන ඒ අනුව ක්‍රියා කිරීමට සෑම සාමාජිකයෙකුම බැඳී සිටින්නේය. < >සාමාජික ආරවුල්පක්ෂයේ කටයුතු හෝ ක්‍රියාකාරීත්වය හෝ සම්බන්ධයෙන් පක්ෂය හා එහි සාමාජිකයන් අතර යම් ආරවුලක් උද්ගතවුවහොත් එය පක්ෂයේ ලේකම් මගින් විධායක මණ්ඩලය වෙත ඉදිරිපත් කරනු ලැබිය යුතු අතර එහිලා විධායක මණ්ඩලය විසින් දෙනු ලබන තීරණය අවසානාත්මක වන්නේය. ඒ තීරණය කිසිම අධිකරණයක ප්‍රශ්ණ කරනු නොලැබිය යුතු අතර ඒ තීරණය පිළිගෙන ඒ අනුව ක්‍රියා කිරීමට ඒ සාමාජිකයෝ බැඳි සිටින්නාහ.
< >පක්ෂය විසුරුවා හැරීමපක්ෂය කුමන කරුණක් නිසා හෝ විසුරුවා හරිනු ලැබුවහොත් එහි ශේෂ වත්කම් පුණ්‍ය ආයතනයකට භාරදිය යුතුය.
පක්ෂයේ නාමය අභිනව නිවහල් පෙරමුණ පක්ෂය යන නමින් වඩාත් පැහැදිලිව හැදින්විය යුතු බවට 2023 පෙබරවාරි මස 25 වෙනිදා පෙරවරු 9.30 ට අනුරාධපුර යොවුන් නිකේතනයේදී අභිනව නිවහල් පෙරමුණ පක්ෂ මහා පැවති මහසභා වාරයේදී සම්මත විය.
මැතිවරණ කොමසාරිස්වරයා විසින් සංවිධානය පිළිගැනීමත් සමඟ එය අභිනව නිවහල් පෙරමුණ පක්ෂය නමින් පමණක් හඳුන්වනු ලැබේ. මේ වන විට යෝජනා ස්ථීරවූ සියළුම සංශෝධන සහිතව ඉහත සඳහන් ව්‍යවස්ථා මාලාව ඒ ආකාරයෙන් පිළිගත යුතු බවට 2023 පෙබරවාරි මස 25 වෙනිදා පෙරවරු 9.30 ට අනුරාධපුර යොවුන් නිකේතනයේදී අභිනව නිවහල් පෙරමුණ පැවති මහසභා වාරයේදී ඒකච්ඡ්න්දයෙන් පිළිගන්නා ලදී.
පක්ෂයේ ව්‍යවස්ථා මාලාවේ සත්‍ය පිටපතක් බව සහතික කරමි.
…………………………………..
ආචාර්ය සපුමල් තැමිණිමුල්ල
නායක - ප්‍රධාන ලේකම්
අභිනව නිවහල් පෙරමුණ